EVENTS

භාවනා වැඩසටහන

Sun, December 25,2022

08:00 AM - 05:30 PM

ADELAIDE SRI LANKA BUDDHIST VIHARA

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,
ගෞරවනීය අතිපූජ්‍ය ඉළුකේගම අත්ථදස්සී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන භාවනා වැඩසටහන, සහභාගී වන බොහෝ පින්වතුන්ගේ කැමැත්ත පරිදි ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
මෙම පුණ්‍ය කර්මය දෙසැම්බර් මස 24 වන දින සිට 30 වන දින දක්වා පුරා දින 7ක් පැවැත්වීමට නියමිතයි.
  • දෙසැම්බර් මස 24 වන දින – මාසික සිල් වැඩසටහන උදෑසන 8.00 සිට සවස 5.30 දක්වා
  • දෙසැම්බර් මස 25 වන දින සිට 30 වන දින දක්වා – භාවනා වැඩසටහන උදෑසන 8.00 සිට සවස 5.30 දක්වා
විහාරස්ථාන පරිශ්‍රයේ නැවතී සිට හෝ වැඩසටහනෙන් අනතුරුව තම නිවෙස් කරා යාමෙන් යන දෙයාකාරයෙන්ම මෙම වැඩසටහනට සහභාගී විය හැකි බව කරුණාවෙන් සළකන්න.
සංවිධාන කටයුතු සාර්ථක කර ගැනීම සදහා, සහභාගී වීමට කැමති පින්වතුන් (තවමත් දැනුම් දී නොමැති) අප වෙත දැනුම් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
විහාරස්ථානය උදෑසන 8.00 සිට රාත්‍රී 9.00 දක්වා විවුර්තව පවතින බවත්, නිවෙස් කරා යන පින්වතුන් රාත්‍රී 10.00 ට පෙර විහාරස්ථානයෙන් පිටවිය යුතු බවත් කරුණාවෙන් සළකන්න.
නේවාසිකව සහභාගී වන පින්වතුන්ගේ උදේ දානය සහ සහභාගී වන සියලුම පින්වතුන් සදහා දහවල් දානය පිළිගැන්වීමට කැමති පින්වතුන් අප වෙත දන්වා දිනයක් වෙන් කරා ගන්න මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
මෙම වැඩසටහන පිළිබඳව වැඩි විස්තර දැන ගැනීම සඳහා  නාමල් බඹරසිංහ (0414602440) මහතා  අමතන්න

Share this :

more Events

Jan
24
Sat

The Ceremony for the Enshrinement of the Sacred Relics of the Omniscient Buddha and the Unveiling of the Stupa.