අසූ මහා ශ්‍රාවක වන්දනා සහ පූජා සඳහා පින්තූරු නොමිලයේ මින් බාගත කරගත හැක.
බුදුරජාණන්වහන්සේගේ කෝටි සංඛ්‍යාත ශ්‍රාවක මහරහතන් වහන්සේලා අතර සීල, සමාධි, ප්‍රඥා, කරුණා, මෛත්‍රී ආදී ගුණවලින් අගතැන්පත් වූ සහ ධ්‍යානවලට සම වැදීම, විසිතුරු ලෙස ධර්මය දේශනා කිරීම ආදීයෙහි දක්ෂ වූ මහ රහතන් වහන්සේලා අපමණ වැඩ විසූහ.
ශිෂ්‍ය ශ්රාවකයන්වහන්සේලා අතර එලෙස කෙනෙක් උතුම් සීලයෙන්ද, තව කෙනෙක් විශිෂ්ට ප්‍රඥාවෙන් ද, තව කෙනෙක් දිවැසින් ද, තව කෙනෙක් ඍද්ධියෙන්ද, තව කෙනෙක් ධ්‍යාන බලයෙන් ද, තව කෙනෙක් ධර්ම දේශනාවෙන්ද ආදී ලෙස ශ්රාවකයන්වහන්සේලා අතර අග්‍ර වූහ. මෙසේ ශිෂ්‍ය ශ්‍රාවකයන් වහන්සේලා අතර ඒ ඒ ගුණවලින් අග්‍ර වූ සුවිශේෂී ශ්‍රාවක මහරහතන් වහන්සේලා අසූ නමක් “අසූ මහා ශ්රාවකයන්වහන්සේලා” ලෙස හඳුන්වති.
මෙම අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර, අග්‍ර ශ්‍රාවක සැරියුත් සහ මුගලන් මහ රහතන්වහන්සේලා දෙනම ප්‍රධාන තැනක් ගනී. සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අග්‍ර වූහ. මුගලන් මහ රහතන්වහන්සේ ඍද්ධිමතුන් අතර අග්‍ර වූහ. එසේම දිවැස්ලාභීන් අතර අනුරුද්ධ මහ රහතන්වහන්සේද, ධර්ම කථිකත්වයෙන් පුණ්ණ මහ රහතන්වහන්සේද, විනයධරයන් අතර උපාලි මහ රහතන්වහන්සේද, ධූතාංගධාරීන් අතර මහා කාශ්‍යප මහ රහතන්වහන්සේද අග්‍ර වූහ. මෙසේ විවිධ අංශයන්හි අග තැන්පත් වූ මේ අසූ මහා ශ්රාවකයන්වහන්සේලා සියල්ලෝම බුද්ධ ශාසනයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන සිටින අතර සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම පිණිස උන්වහන්සේලා දායකත්වය අපමණය. මෙම උතුම් අසූ මහා ශ්රාවකයන්වහන්සේලා බෞද්ධයන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වෙති.
මේ උතුම් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ උසස් තත්ත්වයේ ඡායාරූප ඔබට නොමිලේ මෙතැනින් PDF හෝ JPG ලෙස බාගත කරගත හැකිය. ධර්මානුකූල කටයුතු සඳහා මෙම පින්තූර නිදහසේ භාවිතා කිරීමට ඔබට අවසර ඇත.