මැයි 14 සෙනසුරාදා 

සවස 4:00 සිට – විශේෂ අටවිසි බුද්ධ පුජාව සහ වන්දනාව 

තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් තෙමගුල වෙනුවෙන් පවත්වන විශේෂ අටවිසි පුජාව අති උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වෙන බව සිහිපත් කරමු.මෙහිදී  නව බුද්ධ ප්‍රතිමා  වහන්සේලා 28ක් වැඩවවීම සිදු කරන අතර එයට සමගාමීව විශේෂ පුජාවන් 14ක් පවත්වන බව මෙත් සිතින් දැනුම් දෙමු.

රාත්‍රී  8:00 සිට – වෙසක් මහා බත් දන්සැල 

මැයි 15 ඉරිදා – වෙසක් මහා පුණ්යෝත්සවය 

මෙවර වෙසක් උත්සවය මැයි මස 15 වන ඉරිදා දින උදෑසන පෙ.ව 8.00 සිට රාත්‍රී 9.30 දක්වා විහාරස්ථානයේදී පැවැත්වෙන බව කරුණාවෙන් සිහිපත් කරමු.

– උදේ 08:00  සිට  – වෙසක් මහා සීල වැඩසටහන

– උදේ 10:00  සිට  – වෙසක් මහා සාංඝික දානය  

 සවස 4.00  සිට  – දහසක් පහන් දැල්වීමේ ආලෝක පුජාව සහ වෙසක් පහන් කූඩු ප්රදර්ශනය 

– සවස 6.30  සිට  –  විශේෂ බුද්ධ වන්දනාව සහ වෙසක් ධර්මානුශාසනය

– රාත්‍රී  8.00 -රාත්‍රී  9:30 දක්වා – දන්සැල (පොල් රොටී, තේ සහ කෝපි)

වෙසක් පුණ්‍යකර්මයට සමගාමීව පවත්වනු ලබන ලේ දන්දීමේ ලියාපදිංචි වීම සඳහා මේ මස 15 වන  ඉරිදා පස්වරු 12.00 සිට පස්වරු 4 දක්වා ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේදී  අවස්ථාව සලසා ඇති බවද සිහිපත් කරමු.